ඇමරිකානු රාජ්‍ය උප ලේකම් (යෝජිත) තානාපති ෂැනොන් මහතා අද (16දා) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ බව අගමැති කාර්යාලය කියයි.
ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කෙෂාප්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ රාජ්‍ය නියෝජ්‍ය සහකාර ලේකම් දාස් ආනන්ද්, විශේෂ සහකාර අනූපමා ප්රටිපාටි සහ දක්ෂිණ සංවර්ධන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ද මෙම හමුවට සහභාගි වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසයි.