උමා ඔය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව විසඳීමට රජය අපොහොසත් වුවහොත් තමන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ ඇමති හරින් ප්‍රනාන්දු මහතා අද (28දා) සඳහන් කර සිටියේය.
මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ජනපතිවරයා සමග මෙම මස (30දා) සවස 06ට ජනපති නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඒ මහතා පැවසීය.
උමා ඔය හේතුවෙන් තම බල ප්‍රදේශයේ බහුතරයක් ජනතාව අපහසුතාවට පත්ව ඇති බවත් ඒ අනුව ජනතාවගේ විරෝධය සාධාරණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ජයමාල් චන්ද්‍රසිරි