තැපැල් වැඩවර්ජනය සම්බන්ධයෙන් තැපැල් අමාත්‍යවරයා සමග අද (28දා) පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවත්, මේ නිසා වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළබවත් තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.
ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් පසුගිය 26 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට වැඩවර්ජනයක් දියත් වන බවද එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම ගැටලු විසඳන දිනය පිළිබඳ දින සහිත ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු තැපැල් වැඩ වර්ජනය සිදුකිරීමට අද තීරණය කළ බවද හෙතෙම කියා සිටියේය.