සිය ගැටලු විසඳා ගැනීම සඳහා වන තීරණාත්මක සාකච්ඡාවක් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා හෙට (08දා) පැවැත්වෙන බව විශ්විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
එම සාකච්ඡාවෙන්ද සිය ගැටලු සඳහා විසඳුමක් නොමැතිවුවහොත් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීම සඳහා වන තිරණාත්මක සාකච්ඡාවක්ද හෙට (08දා) කොළඹදී පැවැත්වෙන බව කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා 'අද' පුවත්පතට පැවැසීය.
සිය ගැටලු විසඳාගැනීම සඳහා පෙබරවාරි මස 18දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති හා සාකච්ඡාවක් පැවැත්වුවද එය සාර්ථක නොවුණ බවත් එහෙයින් පසුගිය 22දා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ආවරණය වන පරිදි සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ බවත් එඩ්වඩ් මහතා වැඩිදුරටත් පැවැසීය.