ආපදාවට පත්නොවූ ප්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම් අද (01දා) ජනාධිපති කාර්යාලයේදී සිදුකර තිබේ.
ආපදාවට පත්වූ ආසනවල ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජන ජීවිතය යථාතත්වයට පත්කිරීම පිළිබද ගෙනයන වැඩපිළිවෙළේ සියලු සම්බන්ධීකරණ කටයුතු සොයා බැලීම මෙම නව සංවිධායකවරුන්ට පැවරේ.
.jpg)