නායයෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවට වෙනත් ස්ථානවල ආරක්ෂිත ඉඩම් හා නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය මූල්‍යාධාර ලබාදී කඩිනමින් පදිංචි කරවීම රජයේ ප්‍රධාන වගකීමක් බව කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
පසුගියදා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති අපදා වන්දි ප්රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කර සිටියේය.
මෙම ආපදාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 55,498ක් පීඩාවට පත්විය. නිවාස 847ක් පූර්ණ හානියට පත්වූ අතර, නිවාස 7,000කට ආසන්න ප්‍රමාණයකට අර්ධ හානි සිදුවිය.
මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කය තුළ පුද්ගලයෝ 85ක් ජීවිතක්ෂයට පත්වූහ. එයින් 77 දෙනෙකු නායයෑම්වලින් ජීවිතක්ෂයට පත්වූ අතර, කුඹුරු හා තේ ඉඩම් විනාශ වී යෑම හා මැණික් පතල් විනාශ වීම හේතුවෙන් ජනතාවගේ ආර්ථික තත්ත්වය පහළට වැටී තිබේ.
ඒ අනුව අපදා වන්දි ලෙස රුපියල් 10,000 ක මුදලක් ලබාදීමට කටයුතු කරන අතර, සම්පූර්ණයෙන් හානිවූ නිවාසවල අයට කුලී පදනම මත ජීවත් වීම සඳහා මසකට රුපියල් 7,500ක් ලබාදීමටත් සම්පූර්ණයෙන් විනාශ වූ ගෙයක් සඳහා ලක්ෂ 25ක උපරිම වන්දියක් ලබාදීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙම අවස්ථාව සඳහා අපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ විජේතුංග යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝද, කුරුවිට ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්ද සහභාගි වී සිටියහ.