ආපදා තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට සිදුව තිබෙන පාඩුව පිළිබඳව ගණනය කිරීමට හා ආපදාවන්ට ලක්වූ දිස්ත්‍රික්ක ගණනය කිරීමට ආපදාවන්ට ලක්වූ දිස්ත්‍රික්කවල තත්ත්ව වාර්තාවක් කැඳවීමට රජය තීරණය කර තිබේ.
දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ජුනි 02 වැනිදාට පෙර මෙම වාර්තාව කැඳවීමට විපතට පත් ප්‍රදේශවල ආර්ථිකය නගාසිටුවීම සඳහා පිහිට වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් අද (30දා) තීරණය කර තිබේ.
මීට අමතරව ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල ජනතාව ලබාගෙන තිබෙන ණය නැවත ගෙවීමට සහන කාලයක් ලබාදීමටත් තීරණය කර තිබේ.