වත්මන් ආණ්ඩුව අමාත්‍යවරුන් කොපමණ සංඛ්‍යාවකින් සමන්විතදැයි විමල් වීරවංශ මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
පාර්ලිමේන්තුව තුළ ජාතික ආණ්ඩුවක් ඇතිවුණා යැයි පවසමින් ව්‍යවස්ථාව තුළ දී තිබෙන සීමාවන් ඉක්මවා අමාත්‍යවරුන් පත්කිරීමේ අයිතියක් ආණ්ඩුව විසින් ලබාගත් බවද ඔහු පැවැසීය.
අද (06දා) දිනද අමාත්‍යවරුන් තිදෙනෙකු දිවුරුම් දීම හේතුවෙන් හෙට (07දා) දිනයේදී නිශ්චිතව අමාත්‍යවරුන් සංඛ්‍යාව පවසන බව අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.