දේශපාලන අරමුණු මුල්කරගනිමින් අරගල සිදුකරන පිරිස් ආණ්ඩුවෙන් මර්දනය බලාපොරොත්තුවන බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කළේය.
එහෙත් ආණ්ඩුව කිසිවෙකුටත් මර්දනය දියත් නොකරන බවත්, සෑම විටම උත්සාහ කරන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බවත් අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
මේ සඳහා හමුදාව යොදාගෙන බළකායක් සකස් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එහෙත් කිසිවිටෙකත් මර්දනය දියත් නොකරන බවත් හෙතෙම පවසා සිටියේය.
(9).jpg)