වත්මන් ආණ්ඩුව විහාරස්ථානවල පිංකැටයට තට්ටු නොකරන බවත්, පසුගිය ආණ්ඩුවෙන් සොරකම් කොට පුරවා ගත් කැට ජනසතු කරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (29දා) පැවසීය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තැනින් තැන ගොස් පවසන පිංකැට රජයට ගන්නා කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත්, පසුගිය කාලයේ කොන්ත්රාත්වලින් ලබාගත් සියලු මුදල් රජයට පවරා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද හෙතෙම පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අද (29දා) දඹුල්ල ආසනයේ සීගිරිය ප්‍රදේශයේ ඉදිවූ 31 වැනි ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම ආදර්ශ ගම්මානය නිවාස 27කින් සමන්විතය. මෙය ලංකාවේ ප්‍රථම තරුණ ගම්මානය වේ. පසුගිය වසරේ සීගිරියේ යොවුන් පුරයට සමගාමීව මෙහි ඉදිකිරීම් ආරම්භ විය.