අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පසුගිය වර්ෂයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් නිවාස දහසක් නැවත ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 165ක ණය ආධාර ලබාදීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
එහි සමාරම්භක උත්සවය හෙට (29දා) පෙරවරු 9.00ට මාවනැල්ල, අයේෂා උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වීමට නියමිතය.
කෑගල්ල - වසන්ත රෝහණ