අරණායක නායයෑම ගැන ජනපති දැනුවත් කළා
අරණායක, රත්ගම්පොල සිරිපුර ගම්මානයේ වැසියන් බොහෝ පිරිසක් නායයාමට හසුව ඇතැයි එහි ගිය තමාට පැහැදිලි වූ බවත්, මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කළ බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා %අද^ට පැවසීය.
මේ වනවිට පවතින අඳුර, වර්ෂාව සහ මීදුම් සහිත තත්ත්වය නිසාත්, එම ප්‍රදේශය විශාල බෑවුම් සහිත නිසාත් හමුදාව ඇතුළු බේරාගැනීමේ කණ්ඩායම්වලට ළඟාවීමේ අපහසුවක් තිබූ බව පැවසූ අමාත්‍යවරයා, හෙට (18දා) උදෑසන හමුදාව ඇතුළු බේරාගැනීමේ කණ්ඩායම් සහ වෛද්‍යවරුන් එම ස්ථානයට පැමිණීමට නියමිත බව පැවසීය.
නිවාස 50-100 අතර ප්‍රමාණයක් නායයෑමට හසුව ඇතැයි ගම්වැසියන් සඳහන් කළ බවත්, කිහිපදෙනෙකු රෝහල්වලට යැවූ බවත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
නායයාම හේතුවෙන් ගම්වැසියන්ට ගම්මානයෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටින බවත්, නායයෑමේ ශබ්දය ඇසෙන විට පහතට දිවගොස් බේරුණු කිහිපදෙනෙකු සිටි බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

