අරණායක සාමසර කන්ද නායයෑමෙන් අතුරුදන් වූ තවත් නවදෙනකුගේ සිරුරු යුද හමුදාව විසින් අද (22දා) සොයාගෙන තිබේ.
එමෙන්ම කඳු මුදුනේ ඉහළපෙදෙස්තුළ තවත් මළසිරුරු ඇතැයි සැකකරන අතර,අරණායක නැරඹීමට පැමිණෙන පිරිස් වැඩිවීම හේතුවෙන් මෙහෙයුම් කටයුතු සඳහා දැඩිලෙස බාධා ඇතිව තිබේ.
අරණායක මෙහෙයුම ඇරඹි දා සිට මේ දක්වා මළසිරුරු 33ක් පමණ හමුවී ඇති අතර, තවත් සියයකට වැඩි පිරිසකගේ තොරුරු ලැබී නැතැයිද හමුදාව පවසයි.