අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැවිලි කටයුතුවල නිරතව සිටි පවුල් 411කට අහිමි වූ නිවාස වෙනුවට අලුත් නිවාස 411ක් ලබාදීමට කඳුරට නව ගම්මාන හා යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ අනුව පර්චස් 07ක ඉඩමක වර්ග අඩි 555කින් යුත් අංග සම්පූර්ණ නිවසක් ලබාදීමට තීරණය කර ඇති අතර, එක් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක්ද වෙන්කර තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල නිවාස 221ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 120ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 31ක් හා කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 08ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.