අමාත්‍යාංශ ගෙවල් කුලී වසරකට කෝටි 180 ක්
අමාත්‍යාංශ 46 න් 24 ක් හා තවත් අමාත්‍යාංශ 16 ක කොටස් කුලී ගොඩනැගිලිවල පවත්වා ගෙනයාම නිසා වර්ෂයකට රුපියල් කෝටි 180 ක මුදලක් කුලි ගෙවීම සඳහා වැය කිරීමට රජයට සිදුවී ඇත. මීට අමතරව මෙම කුලී ගොඩනැගිලි සඳහා අත්තිකාරම් ලෙස කෝටි 100 ක මුදලක් ද ගෙවා ඇත.
මෑතක පිහිටුවන ලද අමාත්‍යාංශ තුනක් සඳහා ද කුලී ගොඩනැගිලි ලබාගැනීමට සිදුවී තිබේ. මේ පිළිබඳව මහ නගර සභා. බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ සියලු රාජ්‍ය ආයතන ඉදිරියේදී බත්තරමුල්ලට ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.
ඒ සඳහා දැනටමත් සෙත්සිරි පාය -1. සෙත්සිරිපාය 02, සුහුරුපාය යන ගොඩනැගිලිවල රාජ්‍ය ආයතන පවත්වාගෙන යන අතර, මෙම වැඩපිළිවෙල තවදුරටත් සංවර්ධනය කර කුලී ගොඩනැගිලිවලට යන අතිවිශාල වියදම් අවම කර ගැනීමට පියවර ගන්නා බවද ඇමතිවරයා කීය.
රජයේ ගොඩනැගිලිවලින් ද කුලියක් අයකරන අවස්ථා ඇතත්, එය මේ තරම් විශාල මුදලක් නොවනු ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප ඇසුරෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

