අම්බලන්තොට, බැරගම, ගලන්කුට්ටිගල ප්රදේශයේදී නිවසක සිටි වයස අවුරුදු 20ක තරුණියක අද (26දා) රාත්රියේ මෝටර් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබේ.
මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ මාතර, තිහගොඩ ප්රදේශයේ පදිංචි මදුශානි කරුණාවීර නමැත්තියකි.
ඇය අම්බලන්තොට, බැරගම ප්රදේශයේ තම සොහොයුරියගේ නිවසට පැමිණ සිටින අතරතුර මෙම පැහැර ගැනීමට ලක්වූ බව ඇයගේ මව විසින් අම්බලන්තොට පොලීසියට පැමිණිලි කර තිබේ.
පහර ගැනීමට ලක්වූ අදාළ තරුණිය මීට පෙරද පැහැර ගැනීමකට ලක්ව ඇතැයි හෙළිව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.