පණ්ඩිත් අමරදේවයන්ගේ ඉල්ලීමකට අනුව පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් සංගීත ආශ්රමයක් ඉදිකිරීමට ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
තමාගේ නමින් සංගීත ආශ්රමයක් ඉදිකරන ලෙස පණ්ඩිත් අමරදේවයන්ගේ 88 වැනි ජන්ම දිනයේදී ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීමට අනුව කොළඹ නගරය තුළ මේ ආශ්‍රමය ඉදිකිරීමට අමාත්‍යවරයා තීරණය කර තිබේ.