අනුරාධපුර බන්ධනාගාරයේ සිට මාතර අධිකරණයේ නඩුවකට රැගෙන ආ සැකකරුවෙකු අද (25දා) උදෑසන මාතර බන්ධනාගාරය අසලදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව මාතර පොලීසිය පවසයි.
දික්වැල්ල ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි මෙම සැකකරුට විරුද්ධව මංකොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් නඩු පවතින බව හෙළි වී ඇත. ඔහු නැවත අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් පවසයි.