අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මේ විට පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්, ලක්ෂ හතරකට වැඩිපිරිසක් ජලය නොමැතිව දැඩි අපහසුතාවට පත්ව සිටිති.මාස ගණනාවක් තිස්සේ රජරට පිහිටි ජලාශ,මහවැව් හා කුඩා ප්‍රමාණයේ වැව් සඳහා ප්‍රමාණවත් පරිදි වර්ෂාව නොලැබීමෙන් ජනතාව පීඩාවට පත්වී සිටින අතර, දෛනික ජල අවශ්‍යතා පවා සපුරාගැනීම ඔවුන්ට අපහසුවී තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව පදවිය, මිහින්තලය, රඹෑව, මැදවච්චිය, තන්තිරිමලය, මහවිලච්චිය, නොච්චියාම, රාජාංගණය, කහටගස්දිගිලිය, හොරොව්පොතාන, ගලෙන්බිඳුණුවැව, එප්පාවල, ගල්නෑව, සේනපුර, කැකිරාව, කලාවැව ඇතුළු ගොවිජනපද රැසක ජනතාව මෙම ජල අර්බුදයට මුහුණපා සිටි අතර, මේ හේතුවෙන් ගොවිබිම් අක්කර දහස් ගණනක ගොවිතැන් පාළුවී ගොවීහුඅපහසුතාවට පත්ව සිටිති.
වැස්ස ලැබේයැයි අපේක්ෂාවෙන් ගොවිතැන් ආරම්භකළ බොහෝ පිරිසකගේ වී හා හේන් ගොවිතැන් විනාශවී, අතුරු බෝග සියල්ලම පාහේ නැවත ගොඩගැනීමට නොහැකි ආකරයට විනාශවී තිබේ.
