අනාරක්ෂිත ස්ථානවල සෙල්ෆි ඡායාරූප ගැනීමට යාම නිසා මේ වසර තුළදී 19 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ. පසුගිය වසර තුළදී 13 දෙනෙකු මියගොස් ඇති අතර, වසර දෙකේම මියගිය පිරිසෙන් 90%ක් තරුණ පිරිස්ය.
මේ නිසා අනාරක්ෂිත ලෙස දුම්‘රිය මාර්ග තුළ, මහාමාර්ග ආසන්නයේ සෙල්ෆි ඡායාරූප ලබාගන්නන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට නව නීති සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.