විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරියේ විරෝධතාවයක් පවත්වා රුපියල් දෙලක්ෂ අසු හතර දහසක අලාභයක් සිදු කරන ලදැයි කියන සිද්ධියක සැකකරුවන් ලෙස නම් කොට සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ තැන්නේ ඤාණානන්ද හිමි ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (31) නියෝග කළේය.
නඩු දිනයේදී අධිකරණයේ පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් වී සිටි ළහිරු වීරසේකර ඇතුළු සැකකරුවන් නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බාරවීමෙන් අනතුරුව රුපියල් 2500/- බැගින් වටිනා මුදල් ඇප මත සැකකරුවන් මුදාහරින ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා නියමිත දිනවලදී නියමිත පරිදි අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට තරයේ අවවාද කළේය.