2017 වසරේ පළමු කාර්තුවේදී ලෝකයේ බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් අන්තර්ජාලය වේගවත්ම රටවල් අතර ශ්‍රි ලංකව 68 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ තත්පරයකට මෙගාබයිට් 8.5ක වේගයක් සමගිනි. අකාමායි තාක්ෂණික ආයතනය නිකු්ත් කළ නවතම වාර්තාවක මෙය දැක්වෙයි.
එහිදි ඉන්දියාවට හිමිව ඇත්තේ 89 වැනි ස්ථානයයි. ඔවුන්ගේ වේගය තත්ත්පරයට මෙගා බයිට් 6.5 කි. සාමාන්‍යයක් ලෙස ගත්විට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාලය වේගවත්ම රට ලෙස දකුණු කොරියාව පත්ව තිබේ. ඒ තත්ත්පරයට මෙගා බයිට් 28.6ක් ලෙසිනි.
කාර්ය බහුල වේලාවේදී වැඩිම අන්තර්ජාල වේගයක් ඇති රට බවට සිංගප්පූරුව පත්ව ඇත්තේ තත්ත්පරයට මෙගා බයිට් 184.5ක වේගයක් සටහන් කරමිනි.