ආපදා තත්ත්වයන්ගෙන් කල් ඇතිව ආරක්ෂා වීම සඳහා රටපුරා සියලුම අනවසර පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමටත්, පදිංචිය සඳහා ඔවුන්ට විකල්ප ස්ථාන ලබාදීමටත් ආණ්ඩුව තීරණය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
විකල්ප ස්ථානවල පදිංචි කිරීමෙන් අනතුරුව තවදුරටත් අනවසර ස්ථානවල පදිංචි වීමට උත්සහ කරන්නන් සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.