බස්නාහිර පළාත තුළ පසුගිය 03 හා 04 දිනයන්හි පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව සිදුකරන ලද වැටලීම්වලින් අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයන් 98ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කොළඹ උතුර - 06ක්, කොළඹ මධ්‍යම - 15ක්, කොළඹ දකුණ - 04ක්, නුගේගොඩ - 05ක්, ගල්කිස්ස - 02ක්, ගම්පහ - 44ක්, කැලණිය - 15ක්, මීගමුව - 05ක්, පානදුර - 01ක්, කළුතර - 01ක් වශයෙන් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම් ඉදිරියට සිදුකරන බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව අදාළ පොලිස් ස්ථාන මඟින් නඩු පැවරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.