මෙම මස 21වන දින සිට 23 දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් හා යුධ හමුදා නිලධාරීන් එක්ව බස්නාහිර පළාත තුළ සිදුකළ වැටලීම්වලින් අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයන් 454 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව, කොළඹ උතුර - 57ක්, කොළඹ මධ්‍යම - 68ක්, කොළඹ දකුණ - 33ක්, නුගේගොඩ - 53ක්, ගල්කිස්ස - 09ක්, ගම්පහ - 95ක්, කැලණිය - 56ක්, මීගමුව - 30ක්, පානදුර - 53ක් වශයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අනුව අත්අඩංගුවට පුද්ගලයන්ට එරෙහිව අදාළ පොලිස් ස්ථාන මගින් නඩු පැවරීමට කටයුතු සිදු කරන අතර, ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.