දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළව දැනට ක්‍රියාත්මක වන නිර්ණායක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නියෝගය හා නීතිපතිවරයාගේ උපදෙස් හා අනුව අදාළ නිර්ණායක සංශෝධනය කිරීමටත්, ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතෙහි අදාළ වගන්ති සංශෝධනය කිරීමටත් දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිමේදී ගාලු පාරේ බස්රථ ධාවනය කරන ලබන බලපත්‍රලාභීන්ට ප්‍රමුඛතාව ලබාදීමට නියමිතය.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ බලපත්‍ර නිකුත් කිරීමට අදාළව ටෙන්ඩර් කැඳවීමට රජය අවධානය යොමුකර තිබේ.
මීට අමතරව අධිවේගී මාර්ගයේ බලපත්‍ර නිකුත් කිරීමේදී දැනට ක්‍රියාත්මක නිර්ණායක වෙනස් කිරීමට රජය සූදානව තිබේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝගය හා නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම සංශෝධනය කිරීම් සිදුකෙරෙන අතර, ඒහා සමගාමීව ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ වගන්ති සංශෝධනය කිරීමටද නියමිතය.