මෙරට විශ්ව විද්‍යාල ක්ෂේත්රයේ පැන නැගී ඇති ගැටලූ නිරාකරණය කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
අද (02දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ 2015 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේබව කීය.
අපේ රටේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ එම වැඩපිළිවෙළ පිලිබඳ කෙතරම් විවේචන සහ චෝදනා එල්ලවුවද ලොව සංවර්ධනය වූ රටවලට වඩා ගුණාත්මක අධ්‍යාපනයක් අපේ රටේ පවතින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
සෑම රජයක්ම වසරින් වසර නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා සහ එහි ගැටලූ මඟහරවා ගැනීම සඳහා සම්පත් ලබාදෙමින් කැපවීම් සිදු කොට ඇති අතර එදා මෙදා තුර රටට ලැබී ඇති නිදහස් අධ්‍යාපන ප්රතිලාභ පිලිබඳ සතුටු විය හැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.