දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (09දා) රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඇතැම් ස්ථානවලට මි.මී. 75ක් තරම් තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර හෙට (10දා) බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි අපේක්ෂා කළ හැකි බව ඔවුහු පවසති.
විශේෂයෙන් හෙට දිනය තුළ සවස 02.00 පසු නැගෙනහිර සහ ඌව පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව හෙට දිනය තුළ හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්වල සුළගේ වේගය පැ.කි.මී. 50ක් දක්වා වර්ධනය විය හැකිය.
මීට අමතරව වැසි ඇතිවන ප්‍රදේශවල අකුණු සහ තද සුළං ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.