බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයේ ඇති බවත්,ඒ අනුව එය ඉදිරියේදී පාරිලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිත බවත් පාර්ලිමේන්තුවේදී අද (06දා) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටියේය.
සභාපතිවරයා සඳහන් කර සිටියේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ඉල්ලා අස් කරගත් බවට දිනපතා පුවත්පතක අද (06දා) පළව තිබූ ප්‍රවෘත්තිය අසත්‍යයක් බවයි.පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එදින ඉදිරිපත් නොකළද, න්‍යාය පුස්තකයේ ඇතැයිද හෙතෙම එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.