අගහරුවාදා තවත් විරෝධතාවක්
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ හානි සිදුකිරීමට විරෝධය පළකරමින් සියලුම සෞඛ්‍ය වෘත්තීය සමිති එක්ව අනිද්දා (27දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පවත්වන බව අධ්‍යාපන නිදහස සඳහා වූ ව්‍යාපාරයේ සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ජනතාවගේ බදු මුදලින් ගොඩනගන රාජ්‍ය දේපොළ මේ ආකාරයට විනාශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි අතර, නැවත මෙම ආයතන ගොඩනැගීමට ජනතා මුදල් යෙදවිය යුතුව ඇති බවද හෙතෙම පැවසීය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් විසින් පවත්වන ලද මෙම උද්ඝෝෂණ තුළින් වෛද්‍යවරුවන්ගේ කිසිදු සේවා කොන්දේසියක් කඩ නොවී ඇති අතර, ඔවුන් අඛණ්ඩ වැඩවර්ජනයකට යෑම කිසිසේත් අනුමත කළනොහැකි බවද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිතියක් ලෙස නොකළ යුතු හා නොගතයුතු ක්‍රියාමාර්ගයක් ගෙන කුහක විරෝධයක් දැක්වූ බවද හෙතෙම පවසා සිටියේ, අද (25දා) බොරැල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
