අග්‍රාමාත්‍යවරයා විදෙස්ගත වූයේ අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකර සඳහා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අද (30දා) පැවැති මාධ්‍ය හමුවකදී සේනාරත්න මහතා මේබව පැවසීය. අග්‍රාමාත්‍යවරයා මෙලෙස විදෙස්ගතවූයේ තමන්ට ලබාගතයුතු වෛද්‍ය ප්‍රතිකාර මාස 18ක් පමණ දිගින් දිගටම කල්දැමීමෙන් පසුව බවද සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එසේ වුවද සෑම පැය 06කට වරක්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආපදා තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා ලබාගන්නා අතර, උපදෙස් ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.