හෙට (29) දා සිට ජුනි 1 දා දක්වා දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවැත්වෙන “2016 රොටරි ජාත්‍යන්තර සමුළුවට“ සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (28 දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ උසස් සංවර්ධිත හා සංස්කෘතික වශයෙන් ඓතිහාසිකව බැදුණු ජාතියක් ලෙස කොරියාවේ වර්තමාන සාර්ථකත්වය සහ වර්ධනය යන්න මෙම සමුළුවේ ප්‍රධාන තේමාව වෙයි.
රටවල් 160 ක් නියෝජනය කරමින් රොටරි සංගමයේ සාමාජිකයින් 50,000 කට අධික පිරිසක් සහ රටවල් කිහිපයක නායකයෝ සහභාගී වන මෙම ජාත්‍යන්තර සමුළුව අමතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.