අගමැතිවරු සුහදතාව වර්ධනය කරගනිති
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සුහදතාව වර්ධනය කරනු වස් ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ උත්සවයක් අද දින (04දා) පාකිස්තානු අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් මහතාගේ හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි.
මෙහිදි ප්රතාපවත් පාකිස්තානය (majestic Pakistan) නම් ග්‍රන්ථය හා ‘සුහද බවේ ධජ නැංවූ' තේමා ගීතය එළිදැක්වූ අතර එම ගීතය සිංහල, දෙමළ හා උර්දු බසින් ගායනා කිරීමද සුවිශේෂීය.
ප්රතාපවත් පාකිස්තානය කෘතිය ආචාර්ය සෆ්රාස් අහ්මඩ් ඛාන් සිප්රාගේ හා මුහම්මද් ඩවුඩ් එහ්රිශාම් විසින් රචනා කරන ලද කෘතියකි.
මෙම උත්සවයේදී පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට අදාළ ග්‍රන්ථය පිරිනැමීමද නිල වශයෙන් සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ.
පැතුම් ශ්‍රී විජේරත්න/ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

