අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන සමූහාණ්ඩුවේ ආරාධනයක් මත තෙදින නිල සංචාරයක් සඳහා අප්‍රේල් 06 වැනිදා චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිතය. ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරය කරන මුල්ම වතාවද මෙයයි.
මෙහිදී දෙරට අතර සම්බන්ධතා නව මානයකට ගෙනඒම සඳහා චීන ජනාධිපති ෂි. ජින් පිංග්, අග්‍රාමාත්‍ය ලී ක'චියාන් යන මහත්වරුන් ඇතුළු එරටේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවීමට නියමිතය.
දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් හා විධිමත් කරලීමේ අරමුණින් ආයෝජන, ආර්ථික හා තාක්ෂණ සහයෝගිතාව වර්ධනය කරගැනීම, වකුගඩු රෝගාබාධ වෙනුවෙන් පවත්වන ජංගම සායන සේවා, ක්‍රීඩා සහයෝගිතාව, සංචාරක ප්‍රවර්ධනය, මූල්‍ය සේවා, ජල සම්පාදන සහ විද්‍යා කටයුතු ආදී ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් ගිවිසුම් ගණනාවකට එළඹීමට නියමිතය.
මෙම සංචාරය සඳහා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද එක්වීමට නියමිතය.

ෂෙහානි දිල්රුක්ෂිකා