අකුරැසස, කොපුදෙනිය ප්රදේශයේදී ත්රීරෝද රථයකින් පැමිණි පිරිසක් සිදු කල වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.අකුරැස්ස, හෝමාගම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ තුවාල ලබා තිබේ.
සැකකරුවන් හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ වෙයි. අද (07දා) අලුයම මෙම වෙඩිතැබීම සිදුව තිබේ.