රු 5000 දීමනාව පිරිසකට නෑ?
රාජ්ය සේවකයින්ට මේ මාසයේ සිට රුපියල් පන්දහසක දීමනාවක් ලබා දෙන බවට ආණ්ඩුව සඳහන් කළත් උතුරු මැද හා නැගෙනහිර පළාත්වල ගුරුවරුන්ට අදාල දිමනාව ලබා දි නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි
මෙම පළාත් දෙකේ සමහර කලාප කාර්යාලවල ගුරුවරුන්ට අදාළ දිමනාව ලබා දී තිබියදිත් මුදල් නොමැති බව පවසමින් එම මුදල පසුව වැටුපෙන් ඉවත් කරගෙන තිබෙන බව එම සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා සඳහන් කළේය
රුපියල් පන්දහසක දිමනාව ලබා දිම සඳහා චක්ර ලේඛ නිකුත් කර තිබියදි අදාළ මුදල මේ මස වැටුපට ලබා නොදිම පිළිබදව දැඩි විරෝධය දක්වන බවද ඔහු පවසා සිටියේය.
මේ අතර ඊයේ දිනයේදී ඇතැම් ආයතනවල රාජ්ය සේවකයන්ට මෙම මාසයට අදාළ වැටුප් පත ලබාදී තිබුණත් එම වැටුප් පතට රු 5000 දීමනාව එක්කර නොතිබුණ බවද වාර්ත වෙයි.
popular news
-
ප්රසාද් Monday, 24 January 2022 06:46 AM
ත්රිවිද හමුදාවට 5000 නෑ කියල කියන්න කවුරුත් නෑ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

