බදු ගැන අතීතයෙන් පාඩම් කියාදුන් වන්නිලඇත්තේ
මහියංගණ වෙහෙර වැදපුදා ගැනිමට පැමිණි හතරවන උදය රජතුමාට සොරබොර හෝපිටිගම ගම්වැසියන් විසින් අසාධාරන බදු වැඩිකිරිම්ක පිළිබදව පැමිණිලි කළ අතර වහාම වැඩි කල බදු ඉවත්කර පෙර තිබූ බදුම ලබාගන්නා ලෙස නියම කර බදු ව්‍යවස්ථාව ගල්කණුවක කොටා සොරබොර ටැම්ලිපිය පිහිටවූ බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පෙන්වා දෙති.
මේ අනුව වත්මන් පාලකයන්ද ජනතාවට සවන්දී පැනවූ බදු පිළිබදව සහන ලබාදිය යුතු බවද හෙතෙම පෙන්වාදුන්නේය.
“මේ දවස්වල රටේ හැමතැනම බදුගැන කතාවෙනවා. සමරු පොස්ටර් උස්සාගෙන උද්ඝෝෂණ කරනවා. අපේ රටේ බදු ගැන කතා කලේ අද ඊයේ නොවෙයි රජ කාලෙත් මේ වගේ ප්‍රශ්ණ ආවා.උදය රජතුමා ගේ නියෝගය අනුව සොරබොර පිහිටවූ ටැම් ලිපිය ඊට හොදම උදාහරණයක්.
උදය රජතුමා මහියංගන විහාරය වැද පුදා ගැනීමට ආ අවස්ථාවේ සොරබොර හෝපිටිගම වෙළදපොලේ බදු අසාධාරන ලෙස වැඩිකර ඇති බවට ගම්වාසින් රජතුමාට පැමිණිලිකලා. ඒ පැමිණිල්ලට සවන් දුන් රජතුමා, වැඩි කළ බද්ද ඉවත් කර කලින් තිබූ බදු ප්‍රමාණයම අය කරන ලෙසට නියෝග කළා.
එපමණක් නොව ජනතාව අසාධාරණයට පත්වෙන ලෙස තිබූ බොහෝ බදු ක්‍රියාකාරකම් අත්හිටුවන ලෙසත් එම නියෝග කඩ කළොත් දෙන දඩුවම් පිළිබදවත් දැනුවත් කරමින් ටැම් ලිපියක් ස්ථාපිත කළා. එම ටැම්ලිපිය බදුල්ල මහ නගර සභා පුස්තකාලයේ තැන්පත් කර තිබෙනවා.මේ පාලකයන් ගිහින් බැලුවා නම් දැකගන්න පුළුවන්.”
popular news
-
Demuni Uduwara Tuesday, 07 February 2023 01:00 AM
Our minister can't read paper scripts ! How can they read stone scriptures ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

