අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ
"2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්රජාතන්ත්රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව ගෙදර අරින්න පුළුවන් වුණා. නමුත් ඒ කාලය තුළ ඇතිවූ ආර්ථික ප්‍රතිවිපාක පහසුවෙන් සුවකළ නොහැකියි. ජනතාවට අවශ්‍ය වන්නේ කතාව නෙමෙයි ක්‍රියාවයි. " යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පල කළේ ඊයේ (15) පස්වරුවේ රාජගිරිය ඔබේසේකරපුර, අරුණෝදය මාවත, සුබෝධි විහාරයේ පැවති පාසල් නිල ඇදුම් සහ පාසල් උපකරණ ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අද අපේ රටේ සංවර්ධනයක් සිදු වුණත්, ඇගට දැනෙන සංවර්ධනයක් සිදුවෙන්නේ නැහැ කියලා චෝදනාවක් තිබෙනවා. යම් පැතිවල සංවර්ධනය සමබරතාවයක් නොමැති බව පේනවා. මේ සදහා අපි ස්වයං විවේචනයක් තුළින් කටයුතු කළ යුතුයි. අපි තරම් මේ රටේ සංවර්ධනට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ. අපි සෑම විටම ජනතාවට තීන්දු කිරීමට අවස්ථාව දිය යුතුයි කොහොමද මේ රට ඉදිරියට ගෙනයන්නේ කියලා.
එක්සත් ජාතික පක්ෂය මේ වසර කිහිපය ඇතුළත රටේ හතරකොනේම සංවර්ධනයක් ඇති කරලා තිබෙනවා. නමුත් පෙනෙන්නේ එක කොටසක විතරයි මේ සංවර්ධනය ඇති වන්නේ කියලා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. මම කෝට්ටේ අවුරුදු ගණනාවක් කටයුතු කරද්දි විශාල පෙරළියක් කළා. ඒ ශ්‍රිඝ්‍ර සංවර්ධනය තවත් ඉදිරියට ගෙන යායුතුයි.
යම් තැන්වල අදටත් එය ඇනහිටලා තිබෙනවා. එදා අපි මේ ප්‍රදේශ වලට මහල් නිවාස ක්‍රමය හදුන්වල දුන්නට ජනතාව තවමත් ඒවා භුක්ති විදින්නේ නැහැ. මේවා තමයි රජයේ නිලධාරීන් තුළ පවතින නිලධාරිවාදය. දේශපාලනඥයින් යම් යම් දේ අදහස් කරනවා. නමුත් නිලධාරිවාදය තුළින් ඒ කටයුතු නැති කරනවා. මේක තමයි රටේ පවතින් ලොකුම ප්රශ්නය. අපි ඒ නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ එකම දෙයයි. ඒ තමයි රටේ සංවර්ධනය ඇනහිටින වැඩ කරන්නෙපා. පාට පක්ෂ ගැන සැලකිලිමත් වෙන්නෙපා. ජනතාව විසින් දේශපාලනඥයෝ පත්කරද්දි, ඒ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්නයි අපි එන්නේ. නමුත් මේවා ක්‍රියාත්මක කරන්නෙ රජයේ නිලධාරීන් විසින්.යැයි ඔහු පැවසිය.

popular news
-
Gomis Thursday, 17 January 2019 03:37 AM
මුන් ඉන්න කන් රට හදන්නට බැරිය .. ජරාපස්සලට දෙවැනි නැත .. සෙන්ට්‍රල් බැංකුව හොර කන කලේ ඇමති වෙලා ඉඳල සංවර්දනය පවලට තමයි pent house එකක් හොරකපු යකා මේ ... ලැජ්ජාවක් නැතිව අපායට යන අමතිලගේ ලිස්ට් එකේ ඉන්න හොර තක්කඩියෙක් මේකා ..
Reply : 0 0
Bandula Thursday, 17 January 2019 09:32 AM
අනේද කියන්නේ.!
Reply : 0 1
Bandula. Thursday, 17 January 2019 12:58 PM
අනේද කියන්නේ කරන වැඩටික ඇනහිටින්න දෙන්න එපා, ඇන කකුලේ ඇනේවි.
Reply : 0 8
Sunil Thursday, 17 January 2019 03:44 PM
අපි තරම් සංවර්දනය වුන කට්ටියක් තවත් නෑ.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

