මිල සූත්‍ර හොඳයි සකස් කළ ආකාරය වැරදියි - බන්දුල
මිල සූත්‍ර හොඳ නමුත් පසුගිය ආණ්ඩුව එය සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගැටලුවක් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.අද පෙරවරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේත්තුවේ පැවැති මාධ්‍ය හමුකදී ඔහු සඳහන් කළේ පසුගිය රජයේ ඉන්ධන මිල සූත්‍රය පිළිබඳව ජනතාවට විවේචනයක් පැවැති බවයි.
ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිල සූත්‍රය අහෝසි කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 9ක්, ඩීසල් ලීටරයිකින් රුපියල් 12ක් හා සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 5ක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව අලාභ ලබන බවත් ඔහු පැවැසීය.
ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරිම හේතුවෙන් රජය මේ දක්වා රුපියල් බිලියන 12ක අලාභලයක් ලබා ඇති බවත් එම අලාභය ආවරණය කිරීමෙන් අනතුරුව ඉන්ධන මිල අඩුකිරීමක් සිදුකරන බවත් ඔහු පැවැසීය.
popular news
-
Viata Cheenata Rakka Thursday, 30 January 2020 12:59 PM
ඔය එන්නේ ටික ටික. ගොන්කම් තේරිලා වගේ. ළඟදීම රනිල් හොදයි සමහර දේවල් වෙනස් කරපුවාම හොඳටම හොදයි කියයි ! රනිල් ගාවත් මෙය හිටියනේ !
Reply : 0 0
Dayan Thursday, 30 January 2020 01:44 PM
බලාගෙන ගියාම මෙයාලත් එයාල වගේ තමය්.
Reply : 0 0
Kumar Thursday, 30 January 2020 10:23 PM
සුත්‍රයක් තිබෙනවානම් බොර තෙල් මිල හෝ වෙනත් වියදම් වෙනස්වෙන වෙන මොහොතේම සිල්ලර මිල වෙනස් කරන්න පුළුවනි. පාසලේ විද්‍යාවට සම්බන්ද විෂයන් ඉගෙනගත් සෑම කෙනක්ම සුත්‍රවල වටිනාකම දන්නවා. පරිගණක යුගයේ සුත්‍ර නැතිව වැඩකරන අය ඉන්නවද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

