පාඩු ලබන ආයතනයක්ව පැවැති ලංකා සතොස ආයතනය අවශ්‍ය පහසුකම් ලබා දීම හා සැපයුම්කරැවන් තුළ ආයතනය පිළිබද විශ්වාසය ගොඩනංවා ලක්ෂ 57000 ක මාසික ආදායමක් ලබා ගන්නා ස්ථානයක් බවට පත්ව ඇති බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
එසේම ආයතනයේ සේවකයන් 4000 ක් හා විශාල ශාඛා සංඛ්‍යාවක් විශාල භාණ්ඩ ප්‍රමාණයක් කළමණාකරණය පහසු කාර්යයක් නොවන බවත් සමස්ත නිළධාරීන් ඇතුළු සියලු දෙනාගේම කැපවීම මත ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
පැවැති ආර්ථික තත්ත්වය යටතේ විශාල අභියෝගයක්වූ රට තුළ පැවැති සීමිත ආහාර ප්‍රමාණය අවස්ථාවට උචිත ලෙස නිසි ආකාරයෙන් කළමණාකරණය කොට ආහාර පෝලිම් ඇතිවීම වැළැක්වීමටත් පැවැති ඩොලර් හිඟය යටතේ විවෘත ගිණුම් ක්‍රමය යටතේ හා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යාවශ්‍ය ආහාර රට තුළට ගෙන එමින් රට තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යය සුලභ කිරීමටත් හැකි වූ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යය මිල ගණන් මෙන්ම පොත් ලපැන්සල් ඇතුළු අනිකුත් භාණ්ඩයන්හි මිල ගණන් පාලනය කිරීම සඳහාත්ලමේ වන විට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.