බිරිඳ විසින් සිය සැමියාට පිහියකින් ඇන නිදි යහනේදීම ඝාතනය කළේ යයි කියනු ලබන සිද්ධියකට සැක පිට එම කාන්තාව අද (24) අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මුලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නුවරඑළිය, මාගස්තොට, විජිතපුර ප්‍රදේශයේ පදිංචිව සිටි බී. චන්ද්‍රසේකරන් (33) නැමැති අයෙකි.
දිගින් දිගටම පැවැති පවුල් ආරාවුලක් මුල්කර ගනිමින් මෙම ඝාතනය පෙරේදා (23) රාත්‍රියේ සිදුව ඇති බවත්, පිහි ඇනුම ලත් පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාව තිස් දෙහැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවද පොලීසිය පවසයි.
නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා පැමිණ සිදු කරනු ලබන ස්ථානීය පරික්ෂණයෙන් පසුව මළසිරුර අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.
මේ පිළිබඳව නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ