යක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඹුල්ගොඩ වෙළඳසල් කිහිපයකට ඇතුලුවී හිස් ගෑස් සිලින්ඩර් සොරා ගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු සමග සොරාගත් සිලින්ඩර් 66 ක් අත් අඩංගුවට ගත් බව යක්කල පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.
සැකකරුවන් කඩවත සහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 සහ 41 වයසේ පසුවන්නවුන් බවත් මොවුන් තදින්ම මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි සිටින්නවුන් බැවින් ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීම පිනිස මෙලෙස සොරකම් කර ඇති බවට අනාවරණය වූ බවත් පොලීසිය සඳහන් කරයි.
රාත්‍රී කාලයේ ගෑස් අලෙවිසල් කඩා ගෑස් සහිත සහ හිස් සිලින්ඩර සොරා ගනිමින් ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රීරෝද රථයක් සහ එහි රියදුරාද ගෑස් සිලින්ඩර මිලට ගත් තැනැත්තාද අත් අඩංගුවට ගනු ලැබූ බවත් දැනට ලැබී ඇති පැමිණිලි පහකට අදාලව රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා කුඩා සහ ලොකු ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර සොයා ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ තිලකරත්න දිසානායක
