ලංකා ප්රිමියර් ලීගයේ ප්රධාන ශ්රී ලංකා ක්රීඩකයින්
ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලිය දෙවැනි අදියර ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට මෙවරත් කණ්ඩායම් 5ක් එක්වන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කර සිටියේ.
ඒ ඒ කණ්ඩායම්වලට ඇතුළත් ප්රධාන ශ්රී ලංකා ක්රීඩකයින් (Icon Players) පිළිබද තොරතුරු මේ වන විට ක්රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
ඒ අනුව පසුගිය වරට සාපේක්ෂව එහි වෙනස්කම් කිහිපයක් සිදුව ඇත.
පසුගිය වසරේ පැවැති තරගාවලියේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් ජනිත් පෙරේරා මෙවර නම් කර ඇත්තේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්රධාන ක්රීඩකයා ලෙසටයි.
පසුගියවර දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල ටස්කර්ස් කණ්ඩායමේ ප්රධාන ක්රීඩකයා ලෙස මෙවර නම් කර ඇත.
ධනුෂ්ක ගුණතිලක ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්රධාන ක්රීඩකයා ලෙසත්, දසුන් ශානක දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ප්රධාන ක්රීඩකයා ලෙසත්, වනිදු හසරංග ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ ප්රධාන ක්රීඩකයා ලෙසත් නම් කර ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කර සිටියේ.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
