මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් හුවමාරු වෙමින් පවතින මතභේදාත්මක වීඩියෝව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හවුස් ඔෆ් පැෂන් ආයතනය පවසන්නේ ඒ හරහා අපහසුතාවට පත්වූ සියලු පාර්ශ්වයන්ගෙන් සමාගම සමාව ඉල්ලා සිටන බවයි.
ජනවාරි 21 දා සිදුවූ මෙම ගැටුමට හේතුව වාහනයක් ගාල් කිරීමේ සිදුවීමක් මත සිදුව ඇති බවද එම ආයතනය පවසයි.
මෙම සිදුවීම හරහා තම ආයතනය පාරිභෝගිකයන් සමග පවත්වාගෙන යන කීර්තිනාමයට හානියක් වී ඇති බවට දැනෙන බවත් ආයතනය හැකි උපරිමයේ තම පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.
