මහරගම මන්ත්‍රිනී සාවිත්‍රි ගුණසේකර අත්අඩංගුවට
මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීනි සාවිත්‍රි ගුණසේකර මහත්මිය අද (09දා) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
ඉකුත් 6 වෙනිදා නගර සභාවේ රැස්වීම පැවති අවස්ථාවේදී මන්ත්‍රීවරිය පහරදුන් බවට මන්ත්‍රීවරයා ඉකුත් 7 වෙනි දින පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
පැමිණිලිකාර මන්ත්‍රීවරයා පහර දුන් බවට මන්ත්‍රීවරිය ඉකුත් 6දා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
අත්ඩංගුවට ගත් මන්ත්‍රීවරිය පොලිස් ඇප මත මුදා හැරි බවත් අනිද්දා 12 නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

