බදුල්ල නගරයේ ප්රධාන මාර්ග දෙකක් යාකරමින් රුපියල් මිලියන 99 ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කළ කැප්පිටිපොල මාර්ගය විවෘත කර වසරක් ගතවීමටත් පෙර විනාශවී තිබේ .
බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය අවහිර වන අවස්ථාවන්හි එම මාර්ගයේ පිංඅරාව හන්දියේ සිට බදුල්ල නගරයට හෝ මහියංගන මාර්ගයට පිවිසීම සදහා වන එකම විකල්ප මාර්ගය මෙයවෙයි .
සංවර්ධනය කළ මාර්ගය මෙසේ විනාශවීමට ලක්ව ඇත්තේ මාර්ගය යටින් දිවෙන යල්පැනගිය විශාල ජලනල පුපුරා යාම බව ප්රදේශවාසීහු පවසති .
මේ වන විට ස්ථාන හතරකින් මාර්ගය විනාශවී ඇති අතර ජාතික ජල සම්පාදන මණ්ඩලය ඒවා පිළිසකර කිරීමට කැනීම් සිදුකිරීමෙන් පසු මාර්ගය යළි සකස් නොකිරීම නිසා ජනතාව දැඩි අපහසුතාවයටකට පත්ව තිබේ .
මාර්ග සංවර්ධන අධිකාරියේ අධික්ෂණය යටතේ මෙම මාර්ගය ඉදිකර ඇතත් කාපට් ඇතිරීමට පෙර මෙම ජලනල අධික්ෂණය නොකිරීම නිසා මේ විනාශය සිදුව ඇති බවත් මෙම මාර්ගය සංවර්ධනය කිරීමට පෙර යල්පැන ගිය නල ඉවත්කර නව එලීමට මාස 6 කපමණ කාලයක් ජාතික ජලසම්පාදන මණ්ඩලයට ට ලබාදුන් නමුත් ඔවුන් එම කටයුත්ත ඉටු නොකළ බවත් බදුල්ල නගරාධිපති ප්රියන්ත අමරසිරි මහතා පැවසීය .
මෙම මාර්ගය කැනීම් සිදුකරන ස්ථාන පිලිසකර කර ගැනීමට මුදලක් ගෙවන බව ජාතික ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදි පැවසීය .
එහෙත ත් නගරාධිපතිවරයා පවසන්නේ එය මූලිකව සිදුවන අවස්ථාවේ පමණක් වන ලෙසට ගෙවීම කරන නමුත් නිරත්තරයෙන්ම සිදුකරන කැනීම් වලට මුදල් ලබානොදෙන බවයි .
මෙම මාර්ගයට අමතරව බදුල්ල නගරයේ තවත් මාර්ගය කීපයක මෙම තත්වය පවතින බවද හෙතෙම අවධාරණය කළේය .
බදුල්ලේ පාලිත ආරියවංශ

