කොවිඩ් 19 සටනට චීනයෙන් තවත් විශාල පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාවේ කෙවිඩ් සටන ශක්තිමත් කිරීම වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා පැවැසීය.
වෙයි මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පෙරේදා (29දා) මෙම හමුව පැවැත්විණ.
චීනය මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදුන් වෛද්‍ය සැපයුම් පරිත්‍යාග පිළිබඳ ලැයිස්තුවක් හා 'කොවිඩ් -19 ට එරෙහි චීනයේ සටන' යන අත්දැකීම් වාර්තාව මෙහිදී හූ වෙයි මහතා ජනපතිවරයාට භාර දුන්නේය.
එසේම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා තවත් පක්ෂණ කට්ටල 30000ක්,
පුද්ගලික ආරක්ෂක උපකරණ 30000ක්, N95 මුහුණු ආවරණ 30000ක්, ඇස් ආවරණ 30000ක් හා ශල්‍ය මුහුණු ආවරණ 600000ක් ඇතුළත් තවත් චීන පරිත්‍යාගයක් නොබෝ දිනකදී ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
අන්තර්ජාතික ප්‍රජාව COVID-19 සමඟ සටන් වදින විට ඇතැම් විදේශීය දේශපාලනඥයින් හා ඇතැම් මාධ්‍යයන් කොවිඩ් 19 වසංගතය දේශපාලනීකරණය කිරීමේ භයානක ක්‍රීඩාවක යෙදී සිටින බවද හූ වෙයි මහතා පැවැසීය.
COVID-19 ශ්‍රී ලංකාවට තවත් විශාල අභියෝගයක් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ අතර වෛරසයට එරෙහිව චීනය සමඟ තවදුරටත් සහයෝගීතාවයක් අපේක්ෂා බවත් පශ්චාත් වසංගත යුගයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බවත් පැවැසීය.

popular news
-
Devinda Uduwara Saturday, 02 May 2020 08:09 AM
President should have inquired from the acting Chinese Ambassador in regard to the medications used to cure entire infected patients at once in China.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

