කොවිඩ් සිරුරු බැහැර කිරීමට 2004 සුනාමි ක්‍රමවේදයට යයි
තායිලන්තය පුරා වසංගතයේ ප්‍රබල පැතිරී යාමත් සමග කොවිඩ්-19 මරණවලින් පිරී ඉතිරී ගිය එරට රෝහල් මෘත ශරීරාගාර 2004 විනාශකාරී සුනාමියේදී අවසන් වරට ගත් ක්‍රමවේදයකට යොමු වෙමින් මළ සිරුරු ශීතකළ කන්ටේනර් බහාලුම්වල ගබඩා කිරීම අරඹා තිබේ.
තායිලන්තය අද (31දා) දෛනික ආසාදන සිද්ධීන් 18,912ක් වාර්තා කර ඇති අතර, නව මරණ 178ක් වාර්තා කර තිබේ. මේ සමග එරට සමස්ත ආසාදන එකතුව 597,287ක් සහ මරණ 4,857ක් දක්වා ඉහළ ගොස් ඇත.
බැංකොක් අගනුවර අසල පිහිටි තමසට් විශ්ව විද්‍යාල රෝහලේ ශීතකරණ සහිත කන්ටේනර් බහාලුම්වල වූ මෘත ශරීරාගාරයක් සාමාන්‍යයෙන් දිනකට මරණ පරීක්ෂණ හතක් දක්වා සිදු කරයි. නමුත් කොරෝනා වෛරසයේ වසංගතයේ නවතම රැල්ල නිසා දැන් එය දෛනිකව සිරුරු 10ක් ඉක්මවා කටයුතු කරයි.
ප්‍රමාණවත් ඉඩක් නොමැති බැවින් සිරුරු ගබඩා කිරීම සඳහා බහාලුම් දෙකක් මිලදී ගත් බව රෝහලේ අධ්‍යක්ෂක ෆරුහාට් ටෝර්-උඩම් පැවසීය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

