මරදාන සිට අලුත්ගම බලා ධාවනයවූ මන්දගාමී දුම්රියේ පෙරේදා (24) රාත්‍රි ගැටී තරුණියක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මියගොස් ඇති තරුණියගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බවත්, අවුරුදු 22 ත් 25 ත් අතර වයසේ පසුවන බවත් සදහන් වේ.
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ කොළඹ දෙසට වන්නට ඇති දුම්රිය හරස් මාර්ගයේදී රාත්‍රි 8.20 ට පමණ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය කීය.
ඇය දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇද්ද යන්න සම්බන්දයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය කීය.
මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වති.