එතනෝල් ජාවාරම්කරුට VIP පර්යන්තය දුන් රාජ්‍ය ඇමති ගැන වාර්තාව ජනපතිට
එතනෝල් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයෙකුට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමේ පහසුකම් සලසා දීමට රාජ්‍ය අමාත්‍යවරයෙක් විසින් කටයුතු කළ බවට වාර්තාව වූ සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අවශ්‍ය සීසීටීවී දර්ශන ඇතුළු ඕනෑම තොරතුරක් ලබාදීමට ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බව කටුනායක ගුවන්තොටුපළ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.එච්. චන්ද්‍රසිරි මහතා 'අද'ට පැවසීය.
එම සිද්ධිය පිළිබඳ වාර්තා වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර තිබුණි. ඒ අනුව සකස් කළ විමර්ශන වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයාට භාර දී ඇත.
එතනෝල් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඩුබායි රටට පැන ගොස් සිටි එතනෝල් ව්‍යාපාරිකයෙක්ට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමේ පහසුකම් සැලසීමට රාජ්‍ය අමාත්‍යවරයෙක් මැදිහත් වීමේ සිද්ධියක් පිළිබඳ පසුගියදා වාර්තා විය.

popular news
-
Athula Wednesday, 19 January 2022 01:10 PM
පැන්ඩෝරා වගේ තමයි... මහා එකා හොරෙක් නම් එයින් පහළ සේරම හොරු දුශිතයෝ වෙන එක පුදුම වෙන්න දෙයක්ද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

